Thursday, December 27, 2012

තාප්පෙං එහා....


මම අවුරුදු 4ක් විතර උසස් පෙල කලෙමි. අයියෝ පොත් වලට ගිය සල්ලි (අ.පො.ස.)! පලවෙනි පාර කරලා එක රිසාල්ට් එකක් ආවා. දෙවනි පාර කරලා නං රිසාල්ට් ගොඩක් ආවා!

මම කලේ 'මැත'. සමාජෙ සම්මත විදියට දඩම විසය දාරාව! බම්බුව තමා. මමනං මැත තේරීමට භාවිතා කලේ ෂර්ලොක් හෝම්ස් වගේ ඉවත් කිරීමේ ක්‍රමය. කොම අල්ලන්නෙම නෑ, ආර්ට් බෑ, බයෝ හරියන්නෙත් නෑ.

නොදන්න දේ ගැන දොඩන්න මම අකමැතිය. 'කෙම' , ගණිත ශිෂ්‍යෙක්ට අත්‍යාවශ්‍ය දැයි නොම තේරේ. කෙසේ වෙතත් දැං මම එන්නේ ටොපික් එකටයි.

මැත වනාහි අමුතුම සීන් එකකි. ඒත් රටේ බොහොමයක් උගත්තු ලෙස පිලිගන්නා අය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ගොඩ දමාගත් නිසා ඒ තත්වයට ලඟා වී ඇත.

මෙම විද්‍යාවන් ඇත්තටම ඇත්තද? මෙව්වා ගොඩ නැගුනෙ කොහොමද? මෙව්වාගෙං වැඩක් තියෙනවද?

"ඒ *^*&^&වල් වැඩක් නෑනෙ. එව්වා දැනගත්තම මෙව්වා කරලා සල්ලි ගොඩක් හෙව්වැකිනේ!". මම ඔයාගෙ හිත කියෙව්වා නේ?

සීගිරිය උඩට වතුර අරං යද්දි නිව්ටන්ගේ නියම, බ'නූලි මූලධර්ම එහෙම මෙහෙම මෙහෙම යොදාගෙන තියෙනවා කියලා කියන්න උත්සාහා දරන මිනිස්සු ඉන්නවා නේ?

පොර වෙන්න හිතං කොහේ හරි දේසෙක ඉන්න මොකෙක් හරි තාප්පයක් ගහනවා. පොර වෙනවා. තව තව උං එනවා. අර තාප්පේ හිල් හොය හොය එව්වා වහනවා. සමහරු ඒ වහපු තැං කපරාරු කරනවා. උනුත් පොර වෙනවා. අපි අතිශය උවමනාවෙං හා සතුටකින් යුතුව ඔය තාප්පෙං වට වෙනවා. බොහොමයක් කරන්නෙ එව්වා වහන හැටි ආසාවෙන් බලා ඉඳලා හැමෝටම රස කර කර කියන එක.

"නවීන විද්‍යාවට පවා එය පුදුමයකි" එහෙම කියලා ඔය සමහර පරණ දේවල් ගැන කියනවනේ. ජීවිත කාලෙම තාප්පෙකිං වට වෙලා ඉන්නකොට ඉතිං එලියේ තියෙන දේවල් ගැන ඇහුවම පුදුමයි තමා.

තාප්පෙ කඩන්න නං ඉතින් බෑ. මට ආසයි එහා පැත්තට පැනලා පොඩි රවුමක් ගහලා එන්න. ලේසි නෑ හැබැයි. අමාරුවෙං හරි තාප්පෙ නැගගන්න පුලුවං උනත් තාප්පෙ ඇතුලෙ ඉඳං කකුලෙං අදින දේවල් ගොඩයි!

2 comments:

  1. Out of the box thinking හොදයි. එත් සමහර දේවල් පැහැදිලි කරගන්න සහ අලුත් විදියට හිතන්න ඔවුන්ගේ සොයගේනීම් උදවු වෙනවා.. නැත්නම් සමහර ගඩොල් කඩලා දාන්න අපිට තව ගොඩාක් කල් යයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට ගරු කරමි. නමුත් කොයි ක්‍රමේට හරි ගඩොල් කඩන්නනං අවුරුදු 10,000 කට කිට්ටු වෙන්න යයි! (ලෝක විනාසෙ අද හෙට උනොත් ඊට කලින් ඒ දේ වෙයි ) ඔය ගඩොල් පොඩ්ඩක් එහා මෙහා කරලා උඩට නැගලා එහා පැත්තට පනිනවා ඇර විකලපයක් නැති බව මගේ හැඟීමයි!

      Delete