Monday, March 25, 2013

තරූ, හාවා සහ මෝඩයා


හඳ පෑව්වා..

"මොන %@#&^ බැහැලා පල පේන්නැද්ද යකෝ මම වැඩක්!"

හඳ බැස්සා..

"මගෙ තරූ... ඔයා ඕසම් මෙයා! ඕසම්ම ඕසම්..."

හඳ වලාකුලු අස්සෙං පොඩ්ඩක් හිමීට හොරේන් එබුනා..

"උඹෙ %@$#*#&!&#8 ඔය කෙහෙල්මල් එලියත් අරං මකබෑවියං!"

හඳ හැංගුනා..

"තරූ.."
.
.
.
.
.
"අනෙ මගෙ තරූ"
.
.
.
.
"ඔයා කෝ! මගෙ තරූ කොහෙද ගියේ!"

හඳ හාවාගේ පශ්චාත් භාගය මොහොතකට වලාකුළු අතරින් පෙනී නොපෙනී ගියා...

Tuesday, March 5, 2013

"යනවා මනුස්සයෝ යන්න..."


හරි වැඩක් උනානේ!

පොඩි කොලුවෙක් හිටියා අපේ ගම් පලාතේ. දස්ස කොලුවා. අපේ ගමේ ඉතින් දස්සයොන්ට හරි තැනනේ! (ධනපාලගේ සෞඛ්‍ය තත්වෙත් ලාවට බලපානවා)

කෝමිං කෝමිං හරි මේකා හොඳ තැනකට ආවා නෙව. අල්ලපු ගමෙත් හෙන ප්‍රසිද්දයි. වෙලාවකට අල්ලපු ගමේම එකෙද්ද කියලත් හිතෙන තරමට ප්‍රසිද්දයි. ඒ ගමේ ලොකු ලොකු මුදලාලිලා මේකට හොඳට සලකනවලුනේ! හැබැයි මේකා අපේ ගමටත් නොබලා ඉන්නේ නැති නිසා අපි ඉතින් ඔව්වා ගනන් ගන්නේ නෑ.

උට හරියනවනං අපිටත් සතුටුයි නෙව. මොකෝ ඉතින් සත්ව ලොකේ අපේ ජාතිය අඳුන්නන්නේ කැනහිල්ලු, හිවල්ලු එහෙම කියලා නෙවේනේ!

අම්බිලි මාමා තමා අපේ ගමේ වැඩකාරයා. පොර තරා කරගත්තොත් ඉතින් පාරෙ බැහැලා ගිහින් හමාරයි! මූ ගමේ රිපෝටර්. ගම්මුලාදෑනියා එහෙම හරියට සලකනවා මුට. ඒ උන්දැට සෑහෙන උදවු නේ අම්බිලියගෙං.

දවසක් අර කලින් කියපු දස්ස කොලූට ටිකක් තරා ගිහින් ඉන්නකොට අර අම්බිලියා ආවා නෙව ඕපදූපයක් අහන්න! ඔය කැස්වටුවටත් වෙන වැඩක් නෑනේ ඉතින් ගෑනි වගේ ඕන එකයි එපා එකයි හැම කෙහෙල්මලක්ම අවුස්සන්න යනවා.

"යනවා මනුස්සයෝ යන්න..." කොලුවා කිව්වේ එහෙමයි. මම එහෙම උනානං ඕකගේ ඇඟිල්ල ඕකගෙම නහයේ ගහනවා කටින් එලියට එන්න! ඕනම දේකට වෙලාවක් කලාවක් තියෙනවා.

කවර කතාද ඉතින්. අම්බිලියා දුන්නා ගින්න තිතටම! අර අසරණයාව පතුරු ගැහුවා! බැන්නෙ අම්බිලියට ඌ කරපු නොහොබිනා වැඩේ නිසා! කතාව ගියෙ 'මේකාට කවා පොවා ඇති දැඩි කල ගමේ උන්ට මූ "යනවා මනුස්සයෝ යන්න.." කියා බැන වදින බවයි.' ගමේ තවත් අයට එහෙම කිවුවාදැයි මමනං නොදනී. හැබැයි අම්බිලියා වගේ රුදාව සියොලඟෙහිම ඇති එකෙක් ඉන්නවාදැයි සැකය.

මේ ලොකේ දස්සකමක් නැති, කටවාචාලකම හා කපටිකම දොරේගලා යන ගම්මුලාදෑනියටත් මේ කතාව අම්බිලියා කිව්වේ ඔලුව පොඩ්ඩක් පාත් කරං. "යනවා මනුස්සයෝ යන්න..." ගම්මුලාදෑනියත් කිවුවා.

"බලන්න අපේ ගම්මුලාදෑනි උතුමාටත් හරියට තරහා ගියා අර කොලුවා ගැන අහලා! හැරිච්ච හැරිච්ච අතේ බදු ගැහුවට, ඒ සල්ලි වලින් විගඩං නැටුවට අපේ උතුම් ගම්මුලාදෑනියාගේ ලේ පයින්ට් කීයක්, අර අල්ලපු ගමෙන් සල්ලි අරං ඒ ගමටම වැඩ කරන ඌව හදපු ගමේ උන්ට කිසිම කෙලෙහි ගුනයක් නැති අර ගුනමකු කොලුවා නිසා අපවිත්‍ර වෙන්න ඇද්ද! හෙනම ගහපං ඕකට!"

අපේ උන්දැලගෙත් ලේ හරි ඉක්මනට රත් වෙනවා නෙව. අම්බිලියා එක්ක හවුලේ කොලුවව පතුරු ගගහා ඔහේ හිටියා!

නිමි