වේලාව සවස 5ට පමණැ. ඔබ මොබ ඇදෙන්නේ අඳුරු සෙවණැලි මැ. උං තුල ජීවයක සේයාවක් හෝ දකින්නේ මං ද උංගේ බෝට්ටුවේම නූනත් ඊට ආසන්න කාලකන්නිකමක් කරපින්නාගෙන වසන නිසායැයි මට හැඟේ.
"ඇයි?"... ප්‍රශ්නය සරලය. පිලිතුරු නැත. ඔබට කෙනෙක්ගේ කට වහන්න ඔනේ නං ඇසිය යුත්තේ ඔය මායාකාර අකුරු දෙක පමණි. එක තැනකිං එහාට ඔය "ඇයි?" යන්නට දිය හැකි පිලිතුරු නැවතේ. කිසි දිනෙක පිලිනොගන්නා, පිලිනොගන්නේ 'ඇයි' දැයි නොදන්නා ගඳ ගහන ඇත්ත සිතට දැනී නොදැනී යන්නේ එවැනි මොහොතකය.
හැමෝම හැමගේම රූකඩ වේ. මාමාගේ, බාප්පාගේ යාලුවාගේ, පාරෙ යන පලමු වතාවට දකින කෙල්ලෙකුගේ \ කොල්ලෙකුගේ අතේ පවා ඔබ හසුරන නූල් සෑහෙන ප්‍රමාණයක් තිබේ. 'ඔබ' යනු මායාවකි. 'ඔබ' කියා කෙනෙක් නැත. අතීතයේ සිටි, වර්තමානයේ සිටින හා අනාගතයේ සිටිනු ඇති දෙනෝදාහකගේ රූකඩයකට ඔබ 'මම' යැයි කියාගනී.
මේ ලියන මාද රූකඩයකි. මේ වචන මාගේමදැයි සිතා ගැනීමට බැරි තරං රූකඩයකි. විසංවාදයක් තමා. හැබැයි නූලකින් නොරැඳී මට ඕනෑ දෑ මේ බ්ලොගයේ වැටෙනවා වගේ තේරේ. හැබැයි එය දැනීමක්ම පමණක් බව දනිමි. නූල් අපමණ ගැටගැසුනු දෑතකි මේ. නමුත් වරද නිවැරදි කිරීමට පලමුවෙන් කල යුත්තේ වරද දැනගැනීමලුනේ! එසේ කිරීමට උත්සහගැනීම කියන්නෙත් හැබැයි ඒ වදන් පැවසූ අයගේ නූලක අධාරයෙන් සිදුවන ක්‍රියාවලියකි. මේ පැටලුනු නූල් බෝලය දිග හරිනු නොහැකිද?
මේ කියවා මොලේ කචල් වගේ නං මම එක දෙයක් විතරක් කියන්නං. කොච්චර මොනා කලත් උඹ පොරක් නෙමේ! ලක්ෂ ගානක් පඩි ගන්න උඹත් එකයි, පොල් ගෙඩියක් කඩලා ජිවත් වෙන මනුස්සයත් එකයි. අපි හැමෝම එකම බෝට්ටුවේ!
කොහොමත් අපි හැමෝම රුකඩ තමයි මචං! ඒත් වැදගත්ම ඩේ මෙන්න මේකයි! නූල් කඩාගෙන ලෝකේ දිහා බලන එකයි!!
ReplyDeleteඔව් නාඩියෝ හැබැයි තමං රූකඩයක් කියලා දැනගන්න එක තමා මුලින්ම වෙන්න ඕන දේ... නැති එක කඩන්න උත්සහ කරන්නේ නෑනේ! :)
Delete