Thursday, December 27, 2012
අනේ අපොයි!
සිංහල ගොඩේ ද? එය නොදන්නා බව පෙන්වීම 'පොස්' ද?
කඩ්ඩෙන් කෙටීම උසස් බවේ ලක්ෂණයක් ද? කඩ්ඩ නොදන්නා වැළැලී යාද?
සුද්දන් සේ හැසිරීම ආඩම්බරයක් ද? සිංහල විදියට විසීම පහත් ද?
සුභ පැතුම්! ඔබ සංස්කෘතිකව අවජාතකයෙකි!
නිව්ටන් අයියා අපෙ අයියා!
"ඕන්න ඔහොමයි ඒ අඹ ගෙඩිය බිමට වැටුනේ... ගුරුත්වාකර්සනේ කියන්නේ බොරුවක්!"
"නිකං මෝඩ කතා කියන්න එපා! ඇපල් ගෙඩිය නිව්ටන් ගේ ඔලුවට වැටිච්ච විදිය තමා හරි... නිව්ටන් එක්ක බලද්දි උඹ මොන හිවලෙක්ද!"
"පුතා..... කොහෙ යනවද ලමයෝ! ඇවිත් මේ Physics ටික පාඩං කරනවා මගෙන් ගුටි නොකා! විභාගෙත් ලඟයි නේද!"
P:S - නිව්ටන්ට විතරද ඔලුවක් තිබ්බේ? නැත්තං අපේ ඔලු අපි ස්වෙච්චාවෙං නිව්ටන්ට දුන්නද?
තාප්පෙං එහා....
මම අවුරුදු 4ක් විතර උසස් පෙල කලෙමි. අයියෝ පොත් වලට ගිය සල්ලි (අ.පො.ස.)! පලවෙනි පාර කරලා එක රිසාල්ට් එකක් ආවා. දෙවනි පාර කරලා නං රිසාල්ට් ගොඩක් ආවා!
මම කලේ 'මැත'. සමාජෙ සම්මත විදියට දඩම විසය දාරාව! බම්බුව තමා. මමනං මැත තේරීමට භාවිතා කලේ ෂර්ලොක් හෝම්ස් වගේ ඉවත් කිරීමේ ක්‍රමය. කොම අල්ලන්නෙම නෑ, ආර්ට් බෑ, බයෝ හරියන්නෙත් නෑ.
නොදන්න දේ ගැන දොඩන්න මම අකමැතිය. 'කෙම' , ගණිත ශිෂ්‍යෙක්ට අත්‍යාවශ්‍ය දැයි නොම තේරේ. කෙසේ වෙතත් දැං මම එන්නේ ටොපික් එකටයි.
මැත වනාහි අමුතුම සීන් එකකි. ඒත් රටේ බොහොමයක් උගත්තු ලෙස පිලිගන්නා අය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ගොඩ දමාගත් නිසා ඒ තත්වයට ලඟා වී ඇත.
මෙම විද්‍යාවන් ඇත්තටම ඇත්තද? මෙව්වා ගොඩ නැගුනෙ කොහොමද? මෙව්වාගෙං වැඩක් තියෙනවද?
"ඒ *^*&^&වල් වැඩක් නෑනෙ. එව්වා දැනගත්තම මෙව්වා කරලා සල්ලි ගොඩක් හෙව්වැකිනේ!". මම ඔයාගෙ හිත කියෙව්වා නේ?
සීගිරිය උඩට වතුර අරං යද්දි නිව්ටන්ගේ නියම, බ'නූලි මූලධර්ම එහෙම මෙහෙම මෙහෙම යොදාගෙන තියෙනවා කියලා කියන්න උත්සාහා දරන මිනිස්සු ඉන්නවා නේ?
පොර වෙන්න හිතං කොහේ හරි දේසෙක ඉන්න මොකෙක් හරි තාප්පයක් ගහනවා. පොර වෙනවා. තව තව උං එනවා. අර තාප්පේ හිල් හොය හොය එව්වා වහනවා. සමහරු ඒ වහපු තැං කපරාරු කරනවා. උනුත් පොර වෙනවා. අපි අතිශය උවමනාවෙං හා සතුටකින් යුතුව ඔය තාප්පෙං වට වෙනවා. බොහොමයක් කරන්නෙ එව්වා වහන හැටි ආසාවෙන් බලා ඉඳලා හැමෝටම රස කර කර කියන එක.
"නවීන විද්‍යාවට පවා එය පුදුමයකි" එහෙම කියලා ඔය සමහර පරණ දේවල් ගැන කියනවනේ. ජීවිත කාලෙම තාප්පෙකිං වට වෙලා ඉන්නකොට ඉතිං එලියේ තියෙන දේවල් ගැන ඇහුවම පුදුමයි තමා.
තාප්පෙ කඩන්න නං ඉතින් බෑ. මට ආසයි එහා පැත්තට පැනලා පොඩි රවුමක් ගහලා එන්න. ලේසි නෑ හැබැයි. අමාරුවෙං හරි තාප්පෙ නැගගන්න පුලුවං උනත් තාප්පෙ ඇතුලෙ ඉඳං කකුලෙං අදින දේවල් ගොඩයි!
Monday, December 24, 2012
TiPiයා වනාහි...
මේ Blog එක මට හිතෙන දේ ලියන්නයි මම හදාගත්තේ... මට අමුතු අමුතු දේවල් හිතුනම එව්වා ලියන එක ජොලි කියලා මට හිතුනා.. ;)
මහත්තයෙක් කන්න යනවා.
"මල්ලී! මට මාළු කෑම එකක් ගේන්න...".
මල්ලි ගේනවා මහත්තයා කනවා.
"ප්ලේන්ටියක් බොනවද මහත්තයා?"
"එපා මල්ලි මගෙ බිල ගේන්නකො..."
ගාන 90යි. දන්නවනෙ ඉතින් ඊට පස්සෙ වෙන දේ... මාත්තයා 100ක් දෙනවා, මල්ලි ගේන ඉතුරු 10 මල්ලිටම ලැබෙනවා. Tip එක කියලා කියන්නේ ඕකටනේ. සමහරු ඉතින් ඔය රුපියල් 10 අරං සාක්කුවෙන් රුපියල් 5ක් අරං තියන්වා. ඒකනං පජාතයි!
කොහොමවෙතත් බිලේ Service Charges කියලත් මොකද්ද එකක් තියෙනවා..
කටෙං බඩට නෙමේ, ඇහෙං ඔලුවට යන ජාතියෙ එව්වා TiPiයාගේ ලෝකයේ තියෙනවා... එව්වා මම ඔයාලට දෙනවා.. Tip අනවශ්‍යයි ඕං.. කොමෙන්ටුවක් වගේ දුන්නොත්නං එපා කියන්නෙත් නෑ. ^_^
මහත්තයෙක් කන්න යනවා.
"මල්ලී! මට මාළු කෑම එකක් ගේන්න...".
මල්ලි ගේනවා මහත්තයා කනවා.
"ප්ලේන්ටියක් බොනවද මහත්තයා?"
"එපා මල්ලි මගෙ බිල ගේන්නකො..."
ගාන 90යි. දන්නවනෙ ඉතින් ඊට පස්සෙ වෙන දේ... මාත්තයා 100ක් දෙනවා, මල්ලි ගේන ඉතුරු 10 මල්ලිටම ලැබෙනවා. Tip එක කියලා කියන්නේ ඕකටනේ. සමහරු ඉතින් ඔය රුපියල් 10 අරං සාක්කුවෙන් රුපියල් 5ක් අරං තියන්වා. ඒකනං පජාතයි!
කොහොමවෙතත් බිලේ Service Charges කියලත් මොකද්ද එකක් තියෙනවා..
කටෙං බඩට නෙමේ, ඇහෙං ඔලුවට යන ජාතියෙ එව්වා TiPiයාගේ ලෝකයේ තියෙනවා... එව්වා මම ඔයාලට දෙනවා.. Tip අනවශ්‍යයි ඕං.. කොමෙන්ටුවක් වගේ දුන්නොත්නං එපා කියන්නෙත් නෑ. ^_^
Subscribe to:
Posts (Atom)