මේ Blog එක මට හිතෙන දේ ලියන්නයි මම හදාගත්තේ... මට අමුතු අමුතු දේවල් හිතුනම එව්වා ලියන එක ජොලි කියලා මට හිතුනා.. ;)
මහත්තයෙක් කන්න යනවා.
"මල්ලී! මට මාළු කෑම එකක් ගේන්න...".
මල්ලි ගේනවා මහත්තයා කනවා.
"ප්ලේන්ටියක් බොනවද මහත්තයා?"
"එපා මල්ලි මගෙ බිල ගේන්නකො..."
ගාන 90යි. දන්නවනෙ ඉතින් ඊට පස්සෙ වෙන දේ... මාත්තයා 100ක් දෙනවා, මල්ලි ගේන ඉතුරු 10 මල්ලිටම ලැබෙනවා. Tip එක කියලා කියන්නේ ඕකටනේ. සමහරු ඉතින් ඔය රුපියල් 10 අරං සාක්කුවෙන් රුපියල් 5ක් අරං තියන්වා. ඒකනං පජාතයි!
කොහොමවෙතත් බිලේ Service Charges කියලත් මොකද්ද එකක් තියෙනවා..
කටෙං බඩට නෙමේ, ඇහෙං ඔලුවට යන ජාතියෙ එව්වා TiPiයාගේ ලෝකයේ තියෙනවා... එව්වා මම ඔයාලට දෙනවා.. Tip අනවශ්‍යයි ඕං.. කොමෙන්ටුවක් වගේ දුන්නොත්නං එපා කියන්නෙත් නෑ. ^_^
No comments:
Post a Comment