Saturday, April 27, 2013
මිහිපිට පාරාදීසයක්?
පහතිං ඇත්තේ මගේ හිතට හදිසියේ කඩා වැදුනු සිතිවිලි රෑනකි. ඔවුන් තුලින් මා දුටු සොඳුරු ලෝකයක ඡායාව ඔබ තුලත් හොල්මං කරයිද? කියෝලම බලන්ටකෝ....
සියළු ප්‍රශ්න, ගැටළු නිරාකරණය වී සතුට, මිනිසත්කම ඉතිරී පිටාර යන ජන සමාජයක් උදෙසා මට හැඟෙන පරිදි ඇත්තේ එකම ක්රමයකි. එය 'හුවමාරු අර්ථ ක්‍රමයයි'.
මුදල් යනු මාරයා විසින් ක්‍රමිකව මුලුමහත් මනුශ්‍ය වර්ගයාගේම ජීවත් වීම, මරණය හා සමාන කිරීම සඳහා යොදාගත් අති සූක්ෂම ක්රමෝපායකි. කෘතීමව අනෙක් මිනිස්සුන්ට වඩා උසස් බවක් දැනීමට සැලැස්වීම, 'මිනිස්සුන් අවශ්‍ය නැතේ! අපිට සල්ලි ඇතේ' කියා සිත් තුල දෝංකාරයක් ඇති කිරීමට සමත් මේ සංකල්පය තුලින් ජීවත් වීමේ අරමුණ සල්ලියැයි සිතීමට පොලඹවා ඇවිදින මල කඳන් නිර්මාණය කරයි.
හුවමාරු අර්ථ ක්‍රමය.........
කම්මැලිකමේ ඉඳ බොරු ජිල්මාට් දමා ජීවත් වීමට මෙවැනි පද්ධතියක් තුල ඉඩ නැත. තමාගේ හැකියාව පරිදි, අවට ඇති දෑ ප්‍රයෝජනයට ගෙන තවත් කෙනෙකුට වැඩක් ඇති දෙයක් කල යුතුමය. 'ඉන්ජොයි, ඩොක්කුයි විතරයි පොරවල්' කියන්නෝ එවිට වඳ වී යති. සෑම මිනිසෙකුටම වටිනාකමක් ලැබේ. මෙවිට වන තව දෙයක්නම් අමුද්‍රව්‍ය රට පටවා, නිමි භාණ්ඩ වැඩි මිලට ගැනීමේ අමු බොරුවට ඉඩක් නොලැබීමයි.
පොඩි කාලේ සිට මුදල් නම් සංකල්පයෙන් සැදි අච්චුවක පදම් වූ අපගේ මනස් තුලින් මෙවන් සමාජයක් ප්‍රායෝගිකයැයි සිතීම අපහසු වූවත්, තමාගේ චින්තනය හා හැඟීම් තමාට විස්වාසනම් හොඳ යැයි පෙනෙනා දේ කරා පියවරක් තැබීම වැලැක්විය හැක්කේ කොන්දක් නොවූ කොන්දකට පමණි!
ලස්සන පාරවල්, උයන්, ගොඩනැගිලි ආදී සුකුරුත්තං පසු පස මෝඩ යකුන් සේ නොදුවා සතුට සොම්නස, සරල බව හා මිනිසත්බව තුල ගිලී නැහැවී සුවඳවත් වූ සමාජයක ජීවත්වීම මිහිපිට පාරාදීසයක් නොවනු ඇතිද?
Thursday, April 11, 2013
"උඹ.. ඔව් උඹ තමා... උඹ රූකඩයක්!"
වේලාව සවස 5ට පමණැ. ඔබ මොබ ඇදෙන්නේ අඳුරු සෙවණැලි මැ. උං තුල ජීවයක සේයාවක් හෝ දකින්නේ මං ද උංගේ බෝට්ටුවේම නූනත් ඊට ආසන්න කාලකන්නිකමක් කරපින්නාගෙන වසන නිසායැයි මට හැඟේ.
"ඇයි?"... ප්රශ්නය සරලය. පිලිතුරු නැත. ඔබට කෙනෙක්ගේ කට වහන්න ඔනේ නං ඇසිය යුත්තේ ඔය මායාකාර අකුරු දෙක පමණි. එක තැනකිං එහාට ඔය "ඇයි?" යන්නට දිය හැකි පිලිතුරු නැවතේ. කිසි දිනෙක පිලිනොගන්නා, පිලිනොගන්නේ 'ඇයි' දැයි නොදන්නා ගඳ ගහන ඇත්ත සිතට දැනී නොදැනී යන්නේ එවැනි මොහොතකය.
හැමෝම හැමගේම රූකඩ වේ. මාමාගේ, බාප්පාගේ යාලුවාගේ, පාරෙ යන පලමු වතාවට දකින කෙල්ලෙකුගේ \ කොල්ලෙකුගේ අතේ පවා ඔබ හසුරන නූල් සෑහෙන ප්‍රමාණයක් තිබේ. 'ඔබ' යනු මායාවකි. 'ඔබ' කියා කෙනෙක් නැත. අතීතයේ සිටි, වර්තමානයේ සිටින හා අනාගතයේ සිටිනු ඇති දෙනෝදාහකගේ රූකඩයකට ඔබ 'මම' යැයි කියාගනී.
මේ ලියන මාද රූකඩයකි. මේ වචන මාගේමදැයි සිතා ගැනීමට බැරි තරං රූකඩයකි. විසංවාදයක් තමා. හැබැයි නූලකින් නොරැඳී මට ඕනෑ දෑ මේ බ්ලොගයේ වැටෙනවා වගේ තේරේ. හැබැයි එය දැනීමක්ම පමණක් බව දනිමි. නූල් අපමණ ගැටගැසුනු දෑතකි මේ. නමුත් වරද නිවැරදි කිරීමට පලමුවෙන් කල යුත්තේ වරද දැනගැනීමලුනේ! එසේ කිරීමට උත්සහගැනීම කියන්නෙත් හැබැයි ඒ වදන් පැවසූ අයගේ නූලක අධාරයෙන් සිදුවන ක්‍රියාවලියකි. මේ පැටලුනු නූල් බෝලය දිග හරිනු නොහැකිද?
මේ කියවා මොලේ කචල් වගේ නං මම එක දෙයක් විතරක් කියන්නං. කොච්චර මොනා කලත් උඹ පොරක් නෙමේ! ලක්ෂ ගානක් පඩි ගන්න උඹත් එකයි, පොල් ගෙඩියක් කඩලා ජිවත් වෙන මනුස්සයත් එකයි. අපි හැමෝම එකම බෝට්ටුවේ!

Subscribe to:
Posts (Atom)